Video වෙයන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වන දරුවන් තිදෙනකු සමග බිරිඳත් නොමැතිව ජීවත්වන අහිංසක පවුලකට මෙසේ කරදර හිරි හැර කරණු ලබන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරායේ සේවය කරන නිලධාරියකු මෙම ක්රියාවේ නිරතව සිටිති. යාබද ඉඩම පදිංචි එක් ඇසක ආබාධිත තත්ත්වයක සිටින පියා, උසස් අධ්‍යාපන හදාරන පුතකු සහ පාසල් යන වයසේ තවත් දරුවන් දෙදෙනෙකු සිටින අතර මව මීට වසර කිහිපයකට පෙර මියගොස් ඇති මෙම අහිංසක පවුලට මෙසේ වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ කරදර හිරිහැර කිරීමට පටන් ගෙන ඇත. මව මිය ගිය අවස්ථාවේ ඔවුන්ගෙන් මෙම නිවස මිලදී ගැනීමට හැකි සෑම උත්සාහයක් ගන්නා ලද නමුත් ඔවුන් නිවස ලබාදී නොමැතිවීම නිසා මෙසේ ඔවුන් හට කරදර විදීමට සිදුවී තිබේ කුඩා ගරාජ් එකක් පවත්වාගෙන යන මෙම පවුලට එම ගරාජය නිසා තමන්ට කරදරයක් බව බොරුවක් මවාපාමින් පොලීසියට හා පරිසර අධිකාරියට බොරු පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී තවද කුණුහරුප කියමින් මෙම අහිංසක පවුලට උදව් උපකාර කරන පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ හටද බොරු චෝදනා එල්ල කරමින් ඉතා අවිනීත ලෙස කටයුතු කරන මෙම නිලධාරියා මුලුමහත් වරාය අධිකාරියටම නිගා කරමින් කටයුතු සිදුකරන ආකාරය දැක ගත හැක...