විමල් වීරවංශ මහතාට බෝම්බ ප්‍රහාරයක්

119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු විමල් වීරවංශ මහතාට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාව ඇති බවට තොරතුරු අනුව මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙ අනුව අදාළ දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ මෙහෙයවන බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ඒකකය,  මේ වන විට දුරකථන හිමිකරු ගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔහු විසින් පවසා ඇත්තේ තමාගේ දුරකථනය මීට දින කිහිපයකට පෙර නැතිවී ඇති බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.. 





Comments

Popular posts from this blog